ධීවර සංස්ථා රාජ්‍ය සැපයුම් අංශයේ කළමණාකාරිනි හා එහි ශ්‍රී ලංකා සභාපතිනිය වූ රත්නා ගමගේ මහත්මිය සාවද්‍ය උපත් සහතිකයක් හා අධ්‍යාපන සහතික ඉදිරිපත් කිරීම පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම වෙත යොමු කොට ඇති Bc/3394/2015B-187 පැමිණිල්ල මෙතෙක් විමර්ශණය කිරීම සඳහා කටයුතු කර නොමැති බව සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
තංගල්ල අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් කාර්යාලය මගින් නිකුත් කොට ඇති අංක 2255 එම උපත් සහතිකය, හා තිහිළුව මහා විද්‍යාලයෙන් නිකුත් කොට ඇති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති විභාග ප්‍රතිඵල සහතිකය සහ ශ්‍රී ලංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති ශිෂ්‍යන්ගේ කාර්ය දර්ශකයේ පිටපත් රත්නා ගමගේ මත්මියගේ මිය ගිය සොහොයුරියගේ වන අතර ඇය එම සහතික හිතාමතාම වෙනස් කොට තමන්ගේ සහතික බව අඟවමින් ධීවර සංස්ථාවට ඉදිරිපත් කොට තිබේ.
ධීවර සංස්ථා කළමණාකරණය ඇයට අදාළ මුල් සහතික පිටපත් ඉදිරිපත් කරන ලෙස අවස්ථා ගණනාවකදීම දැනුම් දී ඇතත් ඇය ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.
රත්නා ගමගේ මහත්මිය එය සංස්ථාවේ රාජ්‍ය සැපයුම් අංශයේ සිදුවූ රුපියල් මිලියන 13 වංචාවක් පිළිබඳව චෝදනා ලැබ ධීවර අමාත්‍යංශය හා ධීවර සංස්ථාව විසින් සිදු කළ විමර්ශණ වලදී අවස්ථා 3 කදී වැරදිකාරිය වී තිබේ.
එහෙත් ඇයට එරෙහිව කිසිදු විනය ක්‍රියා මාර්ගයක් නොගැනීමට හේතුව වී ඇත්තේ වත්මන් රජයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ප්‍රබල අමාත්‍යවරයෙකු බව වාර්තා වේ.
ධීවර සංස්ථා රාජ්‍ය සැපයුම් අංශයේ සිදුවී ඇති රුපියල් මිලියන 13ක වංචාව පිළිබඳවද Bc/3149/2015/B-85 සහ Bc/3109/2012/B/90 යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම වෙත පැමිණිලි දෙකක් ඉදිරිපත් වී ඇතත් ඒ සම්බන්ධයෙන්ද කිසිදු විර්ශණයක් මෙතෙක් සිදුවී නොමැත.
එම චෝදනාව ලැබ සිටින එම අංශයේ බන්දුල සියඹලාපිටිය හා ඩබ්.කේ චන්ද්‍රපාල යන මහත්‍තුන් එම විමර්ශණ වලදී වරදකරුවන් විමතිය පළකරන ධීවර සංස්ථා වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විර්ශණ 3කදී වරදකාරිනිය බවට පත් කොට ඇති රත්නා ගමගේ මත්මිය මේ වන විටත් එම අංශයේ කළමණාකාරිනිය ලෙස කටයුතු කිරීම විමති පළ කරති.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරියක් ලෙස පාර්ලිමේනතුවට පත් කොට ජාතික සංහිදියාවනන සහ ව්‍යවස්ථා කටයුතු පිළිබද තම අමාත්‍යංශයෙන් පිහිටුවා එම අමාත්‍ය ධුරය ඇයට පිරිනැමීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර එකගතාවයක් ඇති වී තිබෙන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ සදහා දැනට එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරුන් ලෙස කටයුතු කරන රාජ්‍ය අමාත්‍ය ඒ එච් එම් ෆවුසි සහ අන්ගජාන් රාමනාදන් මහත්වරුන් සමග ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා දීර්ඝ ලෙස සාකච්ඡා කොට ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන අතර ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයෙන් ඉවත්වන මනන්තී‍්‍රවරයාට ඉහළ පෙළේ රටක විදේශ තානාපති තනතුරක් ලබා දීමටද තීරණය වී ඇති බවද වාර්තා වේ.